බොහෝ දරුවන් බෝධියට බාර කරන්නේ ඉපදෙන්නටත් පෙරය.
බෝධියට නොගිය ගැබ්දරු බෞද්ධ මවක් නැති තරම්ය.
ඉපදුන පසු හැකි වහාම වන්දවන්නේත් බෝධියමය.
බෞද්ධයාට බෝධියත් සමඟ ඇති බැඳීම සාමාන්‍ය ගසක් සමඟ ඇති බැඳීමක් නොවේ.
එය අවබෝධය සමඟ ඇති බැඳීමකි.
බෝධිය යනු
ගසක් නොව
අවබෝධයට සාක්ෂි වූ සංකේතයයි.
එය අපට මතක් කරන්නේ
- සීලය
- සමාධිය
- පඤ්ඤාව
- සහ සම්පූර්ණ විමුක්තියයි.
නමුත්…
බොහෝවිට
වන්දනා කරන බෝධියට ළං වුවත්,
බෝධිය නියෝජනය කරන අවබෝධයට ඈත් වෙයි.
අපි බෝධිය වටා යමු,
පහන් දල්වමු,
කිරි පිඩි පූජා කරමු,
බාර වෙමු
පිහිට ලබමු…
නමුත් —
අපි ජීවිතයේ
අස්ථිරබව (අනිච්ච)
දුක්බව (දුක්ඛ)
අනාත්මබව (අනත්ත)
හිතුවද?
ජීවිත පිරිල තියෙන්නෙ මෛත්‍රියෙන්ද නැත්තම් තරහවෙන්ද
කියල හිතුවද?
නිවැරදි බෝධි පූජාව යනු
බෝධියට පූද පූජා කරමින් පිහිට ලබමින්
බුදුන් වහන්සේ දුටු සත්‍යය දෙස බලන්න ආරම්භ කිරීමයි.
සතුට ලැබුණාද?
එයත් අනිච්චයි.
දුකක් ආවද?
එයත් අනිච්චයි.
ගෞරව ලැබුණාද?
එයත් අනිච්චයි.
අපහාස වින්දාද?
එයත් අනිච්චයි.
බෝධිය යට සිදු වූයේ
ලෝකය වෙනස් කිරීමක් නොව
ලෝකය දකින ආකාරය වෙනස් වීමයි.
ජීවිතේ බෝධියෙන් පටන් ගන්නවා නම් අවබෝධයෙන් අවසන් කළ යුතුයි