අලුත් අවුරුදු
හිරු උදාවී
පරණ සෙවනැලි මැකී යාවී
අලුත් ළා දළු
නැගී ඒවී
පරඬැළ් කොළ
හැලී යාවී
සැණකෙළි
ගිනිකෙළි
අතර මැද
ටිකෙන් ටික
බිඳෙන් බිඳ
ජීවිතේ
උදය-වය
අතර සැඟව යාවී
කිරි උතුරන
සිනහ පූදින
වේලාවේ
රාග දෝස මෝහ
අඩුවීදැයි
නිවී නිවී යාදැයි
නිවී සැනසීමෙන්
දැකිය යුතු වේ
රඹන් හඬ
ගිඟුම් හඬ
කවට සිනාකෙළි
නැටුම් අතරින්
ජීවිතය
දුක-සතුට අතරින්
දිය වී මැකී
යන අයුරු
සිත නිසල කර
නිහඬ වෙලාවක
දැකිය යුතු වේ
අලුත් අවුරුදු
ඇවිත් කියන්නේ
බලන ලෙස
අලුත් හිරු- පරණ සඳ
සබ්බේ සංඛාරා අනිච්චා
ඉමස්මිං සති ඉදං හෝති